හුදෙකලා කලුවර: ජීවන සිත්තම

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

ජීවන සිත්තම



ජීවිතය යනු,
මැනීමට අවස්ථාවක් නොමැති
දැනට ඇදගෙන යනු ලබන සිතුවමකි...
විටෙක ඒ සිතුවම හැඩ ගැන්වීමට
සතුට නැමැති සරල රේඛා ද,
සිතුවමේ කඩතොලු ඇති කිරීමට
දුක නැමැති සංකීර්ණ රේඛා ද එක්වෙයි
සිත්තම තුළ නොයෙක් රටා මැවීමට නම්
ඉතා සියුම්ව පැන්සල් තුඩ
හැසිරවිය යුතු ය
එලෙසින් ම අපගේ ජීවන සිතුවම ද
සුදුසු රේඛා, හැඩතල හා
වර්ණ රටා එක් කරමින්
ඉතා සියුම්ව හැඩ කර ගත යුතු ය
එවිට ජීවිතය නැමැති
දැනට ඇඳගෙන යන සිතුවමට
ලොවේ පවතින නේක වර්ණ ගලපා
වර්ණවත් කර අවසන් වූ විට
මිනිසුන්ගේ හද තුළ
සදා නොමැකෙන
සිත්තමක් බවට
ඔබේ සිතුවම පත්වනු නොඅනුමාන ය...

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!