හුදෙකලා කලුවර: දෙබසක් සහ පැනයක්

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

දෙබසක් සහ පැනයක්


"මම සිද්ධාර්ථ ගෞතම... ඔබ???"
"එම්මානුවෙල්! ජේසු කියලත් කියනවා."
"මා රජ සැප අත හැරල ආව."
"මා දේවත්වයෙන් බැහැල ආවා.."
"මා ගියේ කණ්ඨක අස්සයා පිටේ.."
"මා කොටළුව පිටේ..."
"එතෙර වුණා, මා නේරංජනා නදියෙන්"
"මා ජොර්දාන් ගඟෙන්"
"මා අත්ථඛිල මාතානුයෝග කළා"
"මා උන්නා පාළුකරයේ"
"අග සව්වන් මගෙ, සැරියුත්, මුගලන්"

"මගෙ, පේදුරු, ජුවාම්"
"එදිරිකාරය දෙව්දත්."
"මිත්‍රද්‍රෝහියා ජුදාස්"
"වෛරයෙන් වෛරය නොසංසිඳේ..."
"සතුරාට ද ප්‍රේම කරන්න..."
"අප ගෙවන්නේ කර්මය."
"අප දේව සැලැස්ම.."
"මා දුන්න අටලෝ දහම"
"අපේ දස පනත."
"විනය, සූත්‍ර, අභිධර්ම"
"අපේ පැරණි ගිවිසුම, අළුත් ගිවිසුම"
"අඹ ගහෙන් අඹ"
"අත්තික්කා ගහෙන් ගොකටු නෑ."
"පිට දුන්නා, බෝ ගහට"
"මා කුරුස ගහට"
"අප යන්නේ නිවනට"
"අප මෝක්ෂෙට"
"දෙකම එක ද???????"


0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!