හුදෙකලා කලුවර: සිතුවිලි....

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

සිතුවිලි....


අන්‍යයන්ගේ කරුණාව, අ වංක කම, පරිත්‍යාගය, නිහතමානී කම හා ඉවසීම යනා දී ගුණවත් කම් නිසා ඔබට ලැබී ඇති ප්‍රයෝජනයන් ඔබට අගයක් නැත්නම් සතුට භුක්ති විඳීමේ හැකියාව ඔබට කෙදිනකවත් හිමි නොවේ. ලැබෙන සහ ලැබී ඇති දේ වල අගය ඔබ නොදකින්නේ නම්, ඔබට මුළු ලොවම හිමි වුවත් සතුට හිමි නොවේ. ඔබගේ ආත්මය නීරස ය. සිත අශෝභනය. උන්නතිකාමී වේදනාවන්ගෙන් ඔබ සඳහටම දුක් විඳින්නෙහි ය.


අන්‍යයන් මඟින් දෙවියන් ඔබට දී ඇති උපකාරයන්, පහසුකම් හා වාසනාවන්තකම් පිළිබඳව වූ ඔබගේ විමංසනශීලී ඇගැයීම වනාහී දෙවියන් කෙරෙහි වූ සැබෑ ස්තුති ප්‍රශංසාවෙකි.


බලාපොරොත්තුව කියා යමක් ඇද්දැයි ස්ථීරවම කිය හැකි ද?????? එය පිටිසර ගමක ඇති පාරක් වැනි යැයි මම සිතමි. කලින් පාරක් නොතිබුණු පෙදෙසක මිනිසුන් නිතර එහා මෙහා යාම නිසා පාරක් ඇති වෙයි. බලාපොරොත්තුව ද එසේ ය........

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!