හුදෙකලා කලුවර: අසම්මතයි ජීවිතය ම

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අසම්මතයි ජීවිතය ම


සඳ මැරිලා

මළගම දා
තරු දියවී
රේණු සැලී
බිම වැටිලා තිබුණා

එන්න හෙමින්
අඩිය තියා
මේ අඳුරෙ ම
අත පත ගා

නිදා ඉන්න
මේ ගහ කොළ
ඇහැරෙන්නට කලින් ම නුඹ
එන්න ඉතින්
කළුවරේ ම

එළිය ඇවිත් හෙට උදේ ම
අරන් යාවි ජීවිතය ම

2 කමෙන්ටු:

මං මේ වගේ එකක් කලින් කියවල තියෙනවනේ but still, එළකිරි!

 

හැඟීම් කියන්නේ පොදු මානුෂීය ධර්මතාවයක්... කවියකින් පිළිබිඹු වෙන්නේ හැඟීම්.. ඒ හින්ද තමයි උඹට ඒ කලින් කියවලා තියෙනවා වගේ දැනෙන්නේ...

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!