හුදෙකලා කලුවර: මගියෙකු හට!

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

මගියෙකු හට!



මගිය, නැත මාවතක්
ඔබ තබන පා සලකුණු මිස
මගිය, නැත මාවතක්
ඔබ ඇවිද යාමෙන්
සෑදෙන මාවත මිසක්


අඩියෙන් අඩිය
පා සලකුණු තබා
ඇරඹීම් මාවත සාදන්න

මගිය, දැන් ඔබට
යා හැකිය ඒ මාවතේ
නොසැලී ඉදිරියටම

කටු පඳුරු ගල් බොරළු
හමුවේවි අතරමග
එපා නවතින්න කිසිදිනක
ඇරඹූ ඒ ගමන

මාවත සුමට වෙයි යම්දිනක
ඔබේ රළු පා සලකුණුවලට
මන්ද,
ඒ ඔබම සෑදු මාවත නිසාම...

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!