හුදෙකලා කලුවර: පැරදුම

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

පැරදුම

අප හමු වූ තැන්වල සිට
හිරිහැර කරනා මතකය
වසාලන්න තැනුණ පවුර
මගේ නෙතේ දුක් කඳුළද?

අප නිතරම හමු වූ තැන
නොමියෙන සුවඳේ මතකය
නසාලන්න සැදුණ සුළඟ
මගේ හදේ දුක් සුසුම ද?

නුඹ තෙපලූ මුදු වදනක
රාවය නැත තනි රකිනට
මග බලමින් සිටි හදකට
පාර වැරදුණේ කෙලෙසද?

3 කමෙන්ටු:

අපූරු අදහසක්..

 

GPS පාවිච්චි කරන්ට ...පාර වරදින්නේ නෑ...

 

@දිනේෂ්: බොහොම ස්තූතියි!
@ඔබ නොදුටු ලොවක්: GPS වලත් දැන් වැරදියට පාර පෙන්නන්නේ..

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!