හුදෙකලා කලුවර: ඇරයුමක්

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

ඇරයුමක්



සිය දහස් අනෝරා
අකුණු පහරට හසුව
නොකළ පව්වලින් විඳ
චෝදනා,

ගිනි අරන් පිනි බින්දු
දවද්දී සියක් පෙති
පුදන්නට අමතක ව
පාවලට පෑගෙනා,

අඬන්නට තිබු කඳුළු
බෝ කලින් ඉවර වුණ
යෙහෙළියේ කමක් නෑ
පා හිනා,

තැලුණ පෙති එකතු කර
රැගෙන මා වෙත එන්න
හෙටත් ඉර නගින්නට
රෑ වුණා

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!