හුදෙකලා කලුවර: හදවත අන්ධ වූ යුවතිය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

හදවත අන්ධ වූ යුවතිය


කලක් තිස්සේ
හිත් තුළ තෙරපුණු
ආදර සිතුම්
ගොනු ගණන්
මල් වරුසාවක් වී
සිත් මානයේ අද්දරට
ඇද හැලෙද්දී
අවිහිංසක සුරූපිනියක්
වූ
ඒ යුවතිය
අවිහිංසක බව
පිළිබඳ ව
උදම් අනමින්
දෑස් අගින් තම
ප්‍රියතමයා වෙත
ගෙන හැර පාන්නට
වූ
අපිරිමිත සෙනෙහස
හදවතට වාරුවක් ගන්නට
බල කරද්දී
හදවත නිසොල්මන් ව ඇය
දෙස බලා
එය මා වෙත නොව
ඔබගේ දෙනුවන් වෙත
නොපමා ව බාර කරනු
මැනවි


3 කමෙන්ටු:

ලස්සනයි.....

 

බොහොම ස්තූතියි!

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!