හුදෙකලා කලුවර: වැහි සිරි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

වැහි සිරි



දුක හෝ සතුට හෝ
වැහි සේ හලා
හිස් වෙයි අහස

අද ය පෙර දිනක ය
නැති ය කිසි වෙනසක්
හෙටත් මේ ලෙසට ම
ඉඳහිට
හෙළනු ඇත වැහි
අහස

මා මෙන් කවුරු හෝ
ඉඳහිට
දුකින් හෝ සතුටින් හෝ
විඳිනු ඇත වැහි සිරි
හෙටත්......

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!