
රිංගන්න හරි ම රිසි
ඇලෙන තැන් සොය සොයා
මතුවෙන්න දඟලන්නෙ
හමු වූ විට ගැටෙන තැන්
සුව පහසු යැයි සිතා
ලැගුම් ගත් බොහෝ තැන්
අතැර යන කටුක බව
පසක් වූ විගසකින්
පතා සැනසුම සතුට
බොහෝ දුර පියෑඹුව
සිත දුකට තුරුළු කොට
නැවත පා පාමුලට
වැතිර දුක වමාරන
4 කමෙන්ටු:
හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
හිතෙන හිතෙන තැන
නවතිනවා.
(ගීයක කොටසක් )
මේ දවස්වල නම් දුක වැඩි ඒවා වදිනවා හොදටෝම
මේක විරහව,දුකට විතරක් වෙන් වුනු බ්ලොග් එකක්ද?
බහුතර ප්රමාණයක් එහෙමයි
Post a Comment