හුදෙකලා කලුවර: මට හඬන්න දෙන්න...

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

මට හඬන්න දෙන්න...



සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළා
මනමාලකමට සේද වලා මට ද හිනා වුණා
සඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරා
නුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරා

ජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේ
තරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේ
අපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ
 පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල මලේ...

සිඳු රළ රැළි දඟ කරනා සීත සයුරු ඉමේ
නුඹත් මමත් දිව ගිය හැටි මතකයි අද වගේ
අහස් මාළිගා මැව්වත් පැතුම් වෙරළ දිගේ
අනේ පෙමක් දියවුණ හැටි හිම කැටයක් වගේ

එපා සඳේ මීට පස්සෙ තරු හා එක් වන්න
සේද වලා බිම බලද්දි මට බෑ හිනැහෙන්න
ඔය කෝල කතා මට කියන්නෙ හදවත පෑරෙන්න
දැන් අමාවකට ආසයි මං - මට හඬන්න දෙන්න!

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!