මෙදුක මහ බරකි මට
තනිව ම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත
ළපලු සෙවණැලිනි බර
වැලි අතුල මළුවක
සිත එකඟ කළ නොහැකි ය
බිඳී පලු පත් වැලඳගෙන නල
කැඩපතක් වෙත හිඳ
මාව ම සොයන කල මම
පිරිපුනින් පෙනෙතත් මා
තිබූ යමක් නැති බව හැඟෙයි මට
රළ පෙළන වෙරළක
අහඹු හක් බෙලි කටුවක
‘හෝ’ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ
පුරුදු මහ දිගු රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එක ම මඟ යන
නොහඳුනන හඳුනන රුවක් ඇත
1 කමෙන්ටු:
එන්න අප හා එක්වන්න http://www.sinhapedia.com/
Post a Comment