හුදෙකලා කලුවර: සොඳුරු සිහින...

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

සොඳුරු සිහින...


තිබේ නම් මට
දෙව්ලොව විසිතුරු සළුපිළි
වැඩ දැමුණු රනින් රිදියෙන්
අඳුරෙත් එළියෙත් මඳ අඳුරෙත්
අළු හා අඳුරු පැහැයෙන් පවා බබළවන
මම ඔබ දෙපා මුල
එවන් සළු අතුරමි.. 
නමුත් දිළිඳු මට ඇත්තේ
සොඳුරු සිහින පමණි.
මම ඒ සිහින ඔබ දෙපාමුල
අතුරා ඇත්තෙමි...
සෙමෙන් පිය නඟා එන්න.
මන්ද???????? ඔබ පා නඟන්නේ
මා සිහින මත බැවිනි.

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!