හුදෙකලා කලුවර: සිහිනයක් වූ ජීවිතය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

සිහිනයක් වූ ජීවිතය




මිහිකත අඳුරේ ගිල්ලවමින්
හිරු සඳු හිසින් සැඟව යන
නිශා යහන් තලා අද්දර....
සිහිනයක් වී ඉන්න.


ආදරෙයි ඒ සිහිනයට 
හැමදාමත් මම....


අඳුරු ඒ යහන් ගැබ
අද්දරට ගුලි වෙලා...
නිශා කුමරිය සමඟ
දකින ඒ සිහින වැල

බොඳ නොවේ නම් කෙදින
අඳුරු ඒ සොඳුරු රැය 
හ්ම්ම්ම්ම්ම්ම්ම්......
කොයි තරම් සුන්දර ද?


ඒත්... ඒ සොඳුරු රැය
නිමා කර නැඟෙන හිරු
ගෙන්දගම් මිහිතලය 
ඉරි තලා බිඳින විට
නොහඬන්න ඉකි ගසා...


එයයි අප ජීවිතේ
සොඳුරුතම යහන් ගැබ....!

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!