හුදෙකලා කලුවර: හිත තාමත් නුඹේමයි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

හිත තාමත් නුඹේමයි




පොළව මත වැටුණ කඳුළ
සැනින් වි‍යැළී යයි.
සොයන්නෙපා හමුවන්නේ 
ඔබට වෙහෙස විතරමයි.


උඩු සුළඟට හසුව ගියේ
ඔබ මට දුන් සිහිනයයි.
හිරු පැතුවේ පහන් තරුව
පායන්නැති අහසකයි.


රෑ කළුවර බව දැනුණේ
සඳ ඇවිදින් ගියාමයි.
නුඹ ගිය බව අදහන්නැති
හිත තාමත් නුඹේමයි.

4 කමෙන්ටු:

ඉන්න ඕක අමතක කරලා දාන්න .....

 

මතකය අමතක කරන්න බෑනෙ....

 

ඔයා එ ආදරේ කරපු මගේ හිත තාම මන් ගාව තියනවා
මම වෙනස් වෙලා නෑ
එ නිසා මට ආදරේ කරන්න බය වෙන්න එපා
ඔයාගෙ ආදරේට මමත් ආදරේ නිසා.......
ඔයාව ලැබෙන්න කලින් මමත් සතුටෙන් හිටියා
එත් ඔයා ලැබුනට පස්සේ එ සතුට දෙගුන වෙලා
මම හිනා වුනා එත් කාවවත් හිනා ගැස්සුවේ නෑ
මම සතුටු වුනා එත් කාත් එක්කවත් සතුටු වුනේ නෑ
එත් ඔයා ඉස්සරහ
ඔයා ආදරේ කරන
විහිලු කාරයෙක් වෙන්න ලැබුනට
මට තවත් සතුටුයි
මම ඔයගෙ හිනාවට ආදරෙයි ..
එ හිනාව බලන්න මම ඔනම දෙයක් කරනවා
මමත් මට වඩා ඔයාට ආදරේයි
මම මගේ ආදරෙ තරුවලට සමාන කරන්නේ නෑ
මොකද තරු වලත් සීමාවක් තියනවා
මම පොලොවේ වැලිගානට මගෙ ආදරේ සමාන කරන්නේ නෑ
මොකද වැලි තරමට මගෙ ආදරේ අපිරිසිදු නෑ
මගේ ආදරේ මේ විශාල අසහට සමන කරන්නේ නෑ
මොකද අහස හැම වේලාවකම අඬන නිසා
මම සුලඟට මගෙ ආදරෙ සමාන කරන්නේ නෑ
මොකද සුලඟ පිවිතුරුයි වගේම වේලාවකට රලු නිසා
මම මගේ ආදරේ හිරුට සඳුට සමාන නෑ
මොකද හිරු සඳු වගේ මගේ ආදරේ මහියට බලපෑම් නොකරන නිසා
එත් මම ආදරෙයි..අහන්න එපා එ ඇයි කියලා
මම දන්නෙත් නෑ..මමත් තාම හෙතුව හොයනවා
එත් මම දන්නවා ඔයාත් මට ආදරෙයි කියල
එත් ඇයි ඔයගේ හිත එක පිළිගන්නෙත් නැත්තේ....

 

අපූරු අදහසක්!

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!