හුදෙකලා කලුවර: ප්‍රේම ද්වාරය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

ප්‍රේම ද්වාරය


හිත හෙමින් මුමුණන
මියුරු ගී අමුණලා
මැවූ සිහින් සීනු හඬ
ඇත යළිත් පිබිදිලා
මුව අගට මෝදු වුණු
කැලුම් යළි ඉඟි කළා
ගඟක් වී ගැලූ කඳුළු
නියං කළ හිස් වෙලා
ප්‍රේමයේ මාවතක
ඇත කඩුලු බිඳලලා
පය ගැටෙන වැලි කැටත්
සන්සුන්ව හැසිරුණා
හැර ප්‍රේම ද්වාරය
එන්න නුඹ පියඹලා
නොඉඳුල්ම උයන්තෙර
ඇත අමුතු වෙස් අරා
රෑ අහස ගනඳුරට
පෙම් බඳින සඳ වෙලා
අමාවක හැර යළිත්
නුඹ මගේ සඳ වෙලා

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!