හුදෙකලා කලුවර: අව් ඉරක් වී වඩිනු මැන මෙහි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අව් ඉරක් වී වඩිනු මැන මෙහි



මතක සැමරුම් යදම් හද බැඳී
රාව නංවයි භීන විලසින්
පේ‍්‍රමයේ එක් අව් අල්ලියක්
නොපිවිසේ හද, බිම් කුටිය වෙත
මහද සිර කොට මේ අඳුරු කුස
කොහි ගියෙද නුඹ
මහද තනි කොට

තැති ගැනෙයි සිත තැති ගැනෙයි නිති
නුඹත් නොමැති ව මේ අඳුරු කුස
දැනෙයි මූසල පුස් පිලුණු ගඳ
සුවඳ වත්සුණු ඉළූ බිතු මත

දැවෙන් යකඩින් අකම්පිත ලෙස
ලෙවන් තැනුයෙද මෙබිම් ගෙහි වත
අව්රමින් එළි කලුව පිරිමැද
කෝ කොයිද ප්‍රේමයක එළි තිත

රෝස මල් පිපෙනුයෙද නෙක පැහැ
තුටින් ඉපිලෙන ප්‍රේම එළි දැක
නල සුවඳ නෙක අතද සරණා
රහස් ඉඳ හිට ඇසේ දෙසවන
සියොත් සර මිණිගිගිරි හඬවා
සුළලිත ව ලොව නළවනා කළ
මතක සැමරුම් යදම් හද බැඳි
සෝ තැවුල් තත් සිඳ දමනු වැනි

සිරකරු ය මේ බිම් ගෘහය තුළ
සෝක ලතැවුල් තාප පෙඳ බැඳි
නේක සිතුවිලි පුස් ගඳින් පිරි
කිලි කුණප නෙක වසුරු පිරි රැඳි
අව් ඉරක් සේ ඔබ වඩිනු නම්
එකදු බිම් මලකට ඉඩක් ඇති
ඔබට ඒ බිම් මල පුදන්නට
අව් ඉරක් වී වඩිනු මැන මෙහි

1 කමෙන්ටු:

Anonymous

අදුරට ඉර අව් ලස්සන හිඩසක් පුරවනවා..

අදුරේ ඉන්න කෙනෙක්ටමයි එලිය වටින්නේ...එලියේ ඉන්න අපිට දැනෙන් නැ එ තරම්.

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!