හුදෙකලා කලුවර: අහිමි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label අහිමි. Show all posts
Showing posts with label අහිමි. Show all posts

අහිමි සෙනෙහස




විසල් මහ අහස් ගැබ තරම් තුබුණද සිතේ
කියාගන්නට බැරි සෙනෙහසකින් කිමද ඇති පලේ
හඬන සිතුවිලි රැහැන් නිසසලව හද ගැබේ
කඳුළු බිඳුවක් වෙලා නෙත් ඉවුරු ළඟ රැඳේ...
පබළු මුතු වැනි අකුරු
අමුණලා පෙම් හසුන්
නොලීවද දකින්නෙමි.


පෙම නුඹේ නුවනගින්
හදවතම කැළඹුනා ඒ සුවඳවත් බවින්
නිමාවිය වසන්තය
හදට රිද්මය සොයන්
ආදරය ලබන්නට
නොමැතිකම් හිමිකමක් 
පැතුම් මල් පාව යන
වළාකුළු සිහිනයන්
නොමැත පෙම් තරම් මට
ලබන තව සැනසුමක්
කුමට ලත්වෙම්ද තව
අහිමි බව දැන දැනත්...

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!