හුදෙකලා කලුවර: අහිමි සෙනෙහස

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අහිමි සෙනෙහස




විසල් මහ අහස් ගැබ තරම් තුබුණද සිතේ
කියාගන්නට බැරි සෙනෙහසකින් කිමද ඇති පලේ
හඬන සිතුවිලි රැහැන් නිසසලව හද ගැබේ
කඳුළු බිඳුවක් වෙලා නෙත් ඉවුරු ළඟ රැඳේ...
පබළු මුතු වැනි අකුරු
අමුණලා පෙම් හසුන්
නොලීවද දකින්නෙමි.


පෙම නුඹේ නුවනගින්
හදවතම කැළඹුනා ඒ සුවඳවත් බවින්
නිමාවිය වසන්තය
හදට රිද්මය සොයන්
ආදරය ලබන්නට
නොමැතිකම් හිමිකමක් 
පැතුම් මල් පාව යන
වළාකුළු සිහිනයන්
නොමැත පෙම් තරම් මට
ලබන තව සැනසුමක්
කුමට ලත්වෙම්ද තව
අහිමි බව දැන දැනත්...

2 කමෙන්ටු:

ලස්සන පද ටිකක්...අපි හුඟාක්ම ආදරේ වෙන්නෙ අපිට අයිති නැති දේවලටලු....

 

ඒකෙ ඇත්තක් තියනවා... නමුත් ඒක 100% නිවැරදි නෑ. මොනා උනත් මම ඔබගේ අදහසට ගරු කරනවා... :ඩි

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!