හුදෙකලා කලුවර: නුඹ!

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

නුඹ!




හිරු බැසගිය
මගේ දිවියට
සඳක් වෙලා 
නුඹ පිපුණා
අවුල්ව ගිය
මගේ මනසේ
සිල් පදයක් 
සේ උන්නා...
නෙත කඳුලක්
නොසැලෙන්නට
මගේ තනියට 
නුඹ උන්නා
හැම හුස්මක
නුඹ ඉඳිද්දී
අත්වැල නුඹ
බව සිතුනා.
දාල යන්න
බැරි තරමට
නුඹෙ සෙනෙහස
මට දුන්නා
නුඹ රිදවූ
බව සිතිලා
මගෙ සිත
හොඳටම රිදුනා.

4 කමෙන්ටු:

නුඹ රිදවූ
බව සිතිලා
මගෙ සිත
හොඳටම රිදුනා.

 

Owinto කියල බ්ලොග් එකක් හැදුවද?.. එක හොඳයි..

 

බොහොම ස්තූතියි!

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!