හුදෙකලා කලුවර: අලුත් වැස්ස

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අලුත් වැස්ස




අලුතින් ම නම් තැබූ
අලුත් කවි සිඟිත්තක්
හීනයෙන් හිනැහෙමින්
තොටිලි යහනේ නිදයි.


ඉර හඳ ද තාරකා
ගහ කොළ ද සපිරිවර
අලුත් මිණි'බරණ හැඳ
අලුත් රැස් කිරණ දෙයි.



නිලන වෑ තල සමඟ
දිය ඇලි ද ඇළ දොළ ද
අලුත් දියවර පුරා
අලුත් සිසිලසක් බෙදයි.


ගැඹුරු මහ සයුරු ගැබ
අලුත් රළ රැළි එවා
අලුත් ආදරයකින්
වෙරළ දෙකොපුල සිඹියි.



නොයෙක  විසකටු අතර
නොපැරදුණු බිම් මලත්
තුටු කඳුළු වැසි මැදින්
අලුත් ලෝකය දකී...


0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!