හුදෙකලා කලුවර: වැස්ස

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label වැස්ස. Show all posts
Showing posts with label වැස්ස. Show all posts

වැහි සිරි



දුක හෝ සතුට හෝ
වැහි සේ හලා
හිස් වෙයි අහස

අද ය පෙර දිනක ය
නැති ය කිසි වෙනසක්
හෙටත් මේ ලෙසට ම
ඉඳහිට
හෙළනු ඇත වැහි
අහස

මා මෙන් කවුරු හෝ
ඉඳහිට
දුකින් හෝ සතුටින් හෝ
විඳිනු ඇත වැහි සිරි
හෙටත්......

අලුත් වැස්ස




අලුතින් ම නම් තැබූ
අලුත් කවි සිඟිත්තක්
හීනයෙන් හිනැහෙමින්
තොටිලි යහනේ නිදයි.


ඉර හඳ ද තාරකා
ගහ කොළ ද සපිරිවර
අලුත් මිණි'බරණ හැඳ
අලුත් රැස් කිරණ දෙයි.



නිලන වෑ තල සමඟ
දිය ඇලි ද ඇළ දොළ ද
අලුත් දියවර පුරා
අලුත් සිසිලසක් බෙදයි.


ගැඹුරු මහ සයුරු ගැබ
අලුත් රළ රැළි එවා
අලුත් ආදරයකින්
වෙරළ දෙකොපුල සිඹියි.



නොයෙක  විසකටු අතර
නොපැරදුණු බිම් මලත්
තුටු කඳුළු වැසි මැදින්
අලුත් ලෝකය දකී...


පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!