හුදෙකලා කලුවර: ආලෝකය

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label ආලෝකය. Show all posts
Showing posts with label ආලෝකය. Show all posts

ෆොටෝෆෝබියාව ( ආලෝක භීතිකාව )



මෑතක සිට ආලෝකය විඳිමි
ඇස් දෙක පියාගෙන
පියාඹමින්
සිහිනයෙන් සිහිනයට

සඳ තරු මණ්ඩලේට
අයිති නැත
එහෙත් නිවා දමමි
මහ රැයේ ඇවිද යමි
වීදි දිගේ
වැටෙමින් යළි යළිත්
එදවසක
දවල් වැටුණ වළේ

මැදියමේ මුරකරු
නතර නො කරන්න මා
හැඳුනුම්පතෙන් නෑ පලක්
නො හැරෙමි ආයෙ නම්
ඇවිදිමි උදේ වෙනතෙක්

ආලෝකය මුහුණ ඔබන විට
මහා භීතිකාවකින්
වෙළෙයි සිත
පිළිස්සෙයි ගත

දුව ගොස් හනි හනිකට
වැදෙමි බෙනයට
පොරවා අන්ධකාරය
ඇස්දෙක පියාගෙන
විඳිමි ගීතය
හිත තුළ ගැයෙන

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!