හුදෙකලා කලුවර: නුඹ

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

නුඹ



සුසිනිඳු පෙති රැඳී
නෙක පැහැයෙන් දිලී
කටු අකුලක පිපී
නුඹ මලක් වුණේ කිමැයි?

නිලම්බරේ පිපී
අමාවකේ මැකී
පහළොස්වක දිලී
නුඹ සඳක් වුණේ කිමැයි?

බිම්කඩ ඉරිතැලී
නියංසාය බිඳී
දෙගොඩ තලා නැඟී
නුඹ වැස්ස වුණේ කිමැයි?

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!