හුදෙකලා කලුවර: රන් මංජුසාව

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

රන් මංජුසාව



හදවත තුළ මගේ
සඟවා ඇත
රන් මංජුසාවක්
එහි ඇත
බොහෝ විසිතුරු දේ
කලාතුරකින් දිනෙක
පියන් පත් විවර කර
එහි පතුලට ම කිමිදී
බලා සිටින්නෙමි ඒ දෙස
නැවතත් වහ වහා
එහි පියන් පත් තදකර
තබන්නෙමි තිබූ තැන ම
සිරකරපෙම් කවක් ලියන්නට
පන්හිඳක් නොමැති සඳ
අඬන්නට වෙර දරන
කඳුළු වියළුණු නෙත් දෙකට
සිනහවක් නඟන්නට
නොහැකි ව හඬන සිත
මා තව ම තනිකඩ ය
ඔබේ මතකය අතර

4 කමෙන්ටු:

හප්පේ දුක් සීන් එකක් නේ....

 

එහෙම තමයි. :පි

 

සිරා...බොක්කටම වැදුනා.
ඇත්තටම ලස්සනයි.

 

බොහොම ස්තූතියි!

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!