සෑම ගහවැලක් ම
සඳ දියෙන් නැහැවී
පහළ යටි වියනට පවා
අතු අගින් පෙරී එන
සඳ ඇබින්දක් හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
ගිනියම් ව ඉරි තැළුණු කතරකට ද
වැසි පොදක් නොමැති මුත්
දෙතොල් සනසාගන්න
ඉඳහිට හෝ
පිනි බිඳක් වැටෙනවා ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
තටු සිදුණ බමරෙකුට වුව
බැරි නමුදු සිත් සේ
රොනවුලෙහි කිමි දෙන්න
ඈත හිඳ විදගන්න
මල් සුවඳ හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
4 කමෙන්ටු:
හ්ම්ම්..ලස්සනයි...
ස්තූතියි!
ලස්සනයි...මේක නිසදැස් වලට වෙන් වෙච්ච blog එකක්ද???Verification Code එක අයින් කලොත් හොද නැද්ද?
බොහොම ස්තූතියි!! මම ඔබේ අදහස පරිදි verification code ඉවත් කළා
Post a Comment