හුදෙකලා කලුවර
skip to main
|
skip to sidebar
Home
Entries (RSS)
Comments (RSS)
හුදෙකලා කලුවර
කලුවර හිතට සැනසුමක් දෙන්න.
දිළිඳුකම
කර්තෘ දෙහාන් විතාන
වේලාව
12:00
කමෙන්ටු (0)
දිළිඳුකම සුළඟ සේ
මා වටා එතෙයි
අවංකභාවය
මා උණුසුම් කරයි
දිළිඳුකම හිරු සේ
මා දවයි
විශ්වාසය
මා දිරිමත් කරයි
දිළිඳුකම
අඳුරු ගුලි සේ විත්
මා බිය කරයි
ආදරය මා දමා
පලා දුවයි
ඔබ වෙතට
කර්තෘ දෙහාන් විතාන
වේලාව
09:55
කමෙන්ටු (1)
මෙදුක මහ බරකි මට
තනිව ම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත
ළපලු සෙවණැලිනි බර
වැලි අතුල මළුවක
සිත එකඟ කළ නොහැකි ය
බිඳී පලු පත් වැලඳගෙන නල
කැඩපතක් වෙත හිඳ
මාව ම සොයන කල මම
පිරිපුනින් පෙනෙතත් මා
තිබූ යමක් නැති බව හැඟෙයි මට
රළ පෙළන වෙරළක
අහඹු හක් බෙලි කටුවක
‘හෝ’ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ
පුරුදු මහ දිගු රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එක ම මඟ යන
නොහඳුනන හඳුනන රුවක් ඇත
මට හඬන්න දෙන්න...
කර්තෘ දෙහාන් විතාන
වේලාව
19:44
කමෙන්ටු (0)
සඳ තරුත් එක්ක හාද වෙලා අනඟ රැගුම් හෙළා
මනමාලකමට සේද වලා මට ද හිනා වුණා
සඳ නේන රෑක සඳක් වෙලා සිත් අහසම පුරා
නුඹ මතු වුණ හැටි අතීතයේ අඳුරු තිමිර ඉරා
ජීවිතයේ වංක ගිරියෙ වල්මත් වූ වෙලේ
තරු ලකුණ ඇන්දෙ නුඹ ඇවිදින් නෑ අමතක කළේ
අපේ පෙමට එරෙහිව අන් බඹරෙකු පියා සැලූ දිනේ
පරම පෙමෙහි රසය නුදුටුවෙ ඇයි නුඹ නියඟල මලේ...
සිඳු රළ රැළි දඟ කරනා සීත සයුරු ඉමේ
නුඹත් මමත් දිව ගිය හැටි මතකයි අද වගේ
අහස් මාළිගා මැව්වත් පැතුම් වෙරළ දිගේ
අනේ පෙමක් දියවුණ හැටි හිම කැටයක් වගේ
එපා සඳේ මීට පස්සෙ තරු හා එක් වන්න
සේද වලා බිම බලද්දි මට බෑ හිනැහෙන්න
ඔය කෝල කතා මට කියන්නෙ හදවත පෑරෙන්න
දැන් අමාවකට ආසයි මං - මට හඬන්න දෙන්න!
වැහි පොද
කර්තෘ දෙහාන් විතාන
වේලාව
15:30
කමෙන්ටු (0)
විසල් අහස් ගැබ අතහැර
නන්නාඳුනන
මහ පොළොවට වඩියි ඔබ
වැටී මහමග
හැපී මහපොළොව මත
නැගී හිනැහෙන
හෙට දිනෙක
ගසක පැළයක අත්වැල ව හිඳ
වඩා හිඳුවන
අපේක්ෂාවෙන්
සපැමිණෙයි ඔබ
අහස්තලයෙන් මහා පොළොවට
ඇළ දොළක නදියක
දිය රළක
ගැටී හැපි හැපී දුකම සඟවා
මහ මුහුදට ගසාගෙන යනු නොව
නිල්ල පිබිදුණු හෙට දිනකට
රන්හිරු රැස් වඩමවන්නට
සිත
කර්තෘ දෙහාන් විතාන
වේලාව
20:31
කමෙන්ටු (4)
රිංගන්න හරි ම රිසි
ඇලෙන තැන් සොය සොයා
මතුවෙන්න දඟලන්නෙ
හමු වූ විට ගැටෙන තැන්
සුව පහසු යැයි සිතා
ලැගුම් ගත් බොහෝ තැන්
අතැර යන කටුක බව
පසක් වූ විගසකින්
පතා සැනසුම සතුට
බොහෝ දුර පියෑඹුව
සිත දුකට තුරුළු කොට
නැවත පා පාමුලට
වැතිර දුක වමාරන
වැස්ස සහ යුවතිය
කර්තෘ දෙහාන් විතාන
වේලාව
21:26
කමෙන්ටු (4)
දකිමි ඉකිලන වැසි දිය
බෝ දුර ගෙවා වුව
තෙමන්නට නොහැකිව නුඹ වත
අකුලනු නොහැකිවද
ඩිංගකටවත් ඔය කැත කුඩය
විශාකා තොමෝ සේ
ඉඩ දෙන්න බැරිද
මොහොතක් වැසි දියට
නොතෙමී එන්න කීවාද නුඹට
මේ විසල් වැසි සිරි දැක දැක
සංවරව ගාටන්න ලු කීවේ ඇයට
හෙණත් පුපුරණ වැසි මැද
දුවන්නට තහනම් විය ඇයට
තෙමෙන්නට තහනම්ලු නුඹට
අහිමි හිමි වීම
කර්තෘ දෙහාන් විතාන
වේලාව
19:01
කමෙන්ටු (4)
සෑම ගහවැලක් ම
සඳ දියෙන් නැහැවී
පහළ යටි වියනට පවා
අතු අගින් පෙරී එන
සඳ ඇබින්දක් හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
ගිනියම් ව ඉරි තැළුණු කතරකට ද
වැසි පොදක් නොමැති මුත්
දෙතොල් සනසාගන්න
ඉඳහිට හෝ
පිනි බිඳක් වැටෙනවා ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
තටු සිදුණ බමරෙකුට වුව
බැරි නමුදු සිත් සේ
රොනවුලෙහි කිමි දෙන්න
ඈත හිඳ විදගන්න
මල් සුවඳ හෝ ඇති
එහෙත් මා කිසිවක් නැතිව ම
Older Posts
Subscribe to:
Posts (Atom)
පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!
Join us on facebook
මම ගැන
දෙහාන් විතාන
View my complete profile
මූණු පොතේ සොයා ගන්න...
අනුගාමිකයෝ
පාඨකයින් සංඛ්‍යාව
widgeo.net
සොයන්න